Thursday, September 29, 2011

විරාට්ගේ පෙම්වතිය සංජානා ජනපි‍්‍රයවූ පිංතූරය

තෙලිගු (ටොලිවුඩ්) සිනමා නිලියක් හා මෝස්තර නිරූපිකාවක් වන සංජානා ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩක විරාට් කොහොලිගේ පෙම්වතිය බව මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.

ඇය ජනපි‍්‍රයවූයේ ‘දුෂාසනා’ තෙලිගු චිත‍්‍රපටයත් සමගය.

මෙම චිත‍්‍රපටයේ සංජානා අඳුරු ස්ථානයකදී උඩුකය නිරුවත් දර්ශනයක් සඳහා ද පෙනී සිටියාය.

එසේම ඈ මෑත කාලයේදී වඩාත් කතාබහට ලක්වූයේ ඇගේ කලවා පෙනෙන ආකාරයේ ජායාරූපයක් හේතුවෙනි.

මෙම ජායාරූපය හේතුවෙන් ඇය බෙහෙවින් ජනපි‍්‍රයවූ බව ද  පැවසේ.

Wednesday, September 28, 2011

ක්ලාක්ගේ කෙලී


ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිලේ නායක මයිකල් ක්ලාක්ගේ පෙම්වතිය බවට පත්ව ඇත්තේ කයිලි බෝල්ඩිය.

ඇය රූපවාහිනී නිවේදිකාවකි. බෝල්ඩි ඕස්ටේ‍්‍රලියානු කාලගුණ තොරතුරු සපයන රූපවාහිනී නාලිකාවක නිවේදිකාවක් ලෙස ද සේවය කර තිබේ.  ඊට අමතරව ඇය මෝස්තර නිරූපිකාවක් හා නිළියක් ලෙස ද කටයුතු කර ඇත.

බෝල්ඩි 2003 වසරේදී ඕස්ටේ‍්‍රලියානු පිහිනුම් නිරූපන ශිල්පිනිය ලෙස කිරුළු පැලැඳීමට ද සමත් වූවාය. ඇය කී‍්‍රඩා මෝස්තර නිරූපන ශිල්පිනිය ලෙස ද සම්මානයට පාත‍්‍රවී තිබේ.